Free Delivery around Sri Lanka

What Are You Looking For?

Your Cart 0

Subtotal: රු 0.00
Free shipping for orders island wide

Your Wishlist 0

ප්‍රජාව සවිබල ගන්වමු
ලබා දීම තුළින්

ශ්‍රී ලංකාව පුරා ගොවීන්, තිරසාර කෘෂිකර්මය සහ ගම්බද ප්‍රජාවන් සඳහා සහාය. අපි එකට වඩා හොඳ අනාගතයක් ගොඩ නඟමු.

වැඩිදුර දැනගන්න
Naturista ප්‍රාණ සත්කාර

Naturista ගොවි සවිය

ශ්‍රී ලංකාව පුරා ඖෂධ ශාක වගාකරුවන් එකමුතු කරමින් ජීවිකා ශක්තිමත් කිරීමට සහ ස්වභාවය ආරක්ෂා කිරීමට

Naturista Govi Saviya

Naturista ගොවි සවිය

2024 අවසාන භාගයේ "Naturista ප්‍රාණ සත්කාර" වැඩසටහන යටතේ ආරම්භ කල "Naturista ගොවි සවිය" යන ගොවි සමිතිය ආරම්භ ලදී. මෙහිදී මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වුයේ ලංකාව පුරා විහිදී සිටින විවිධ ඖෂධ ශාක, පැළෑටි වගා කරන සහ පරිසරයේ ඉබේ වැවෙන ඖෂධ ශාක සුලබ ප්‍රදේශ වල පුද්ගලයින් එකතු කොට ඔවුන් සතු සම්පත් වලින් ප්‍රයෝජනයක් ඇති වෙළදපොලක් ගොඩනාග සිටුවීම මගින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

2025 අවසාන භාගය වන විට ගොවියන් සහ සැපයුම්කරුවන් 300++ අධික පිරිසක් Naturista ගොවි සවිය සමග අත්වැල් බැද ගන්නා ලදී. වර්තමානය වන විට රටපුරා සිටින ගොවියන්ගෙන් ශාක පද්ධතියට හානියක් නොවන ආකාරයට සහ ප්‍රවාහනයේදී විනාශ නොවන ආකාරයට විශේෂ ක්‍රමවේදයක් යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් සිටී.

300+
ගොවීන් සහ සැපයුම්කරුවන්
2024
ආරම්භ කළ වර්ෂය
100%
පරිසර හිතකාමී
අපගේ මෙහෙවර

Naturista ගොවි සවිය අරමුණු

නව නිෂ්පාදන නිර්මාණය

පරිසරයේ තිබෙන ශාක සහ පැළෑටි වර්ග භාවිතයෙන් අලුත් තාක්ෂණය සමග මුසු කොට නව නිෂ්පාදන බිහි කිරීම තුළින් ඒ සඳහා වාණිජමය වටිනාකමක් ලබා දීම.

ඖෂධ ශාක සංරක්ෂණය

ප්‍රධාන බෝග වගාවට අමතරව පරිසරයේ වැවෙන වටිනා ඖෂධ ශාක සහ පැළෑටි වගාවට ගොවියා යොමු කිරීම තුළින් එම ශාක සහ පැළෑටි ආරක්ෂා කර ගැනීම.

සෘජු සැපයුම් දාමය

අතරමැදියන්ගෙන් තොරව අමුද්‍රව්‍ය සෘජුව නිෂ්පාදකයාට ලැබෙන වැඩපිළිවෙලක් සකසා දීම.

ආර්ථික සවිබල ගැන්වීම

ගොවියාගේ ගෙදර ආර්ථිකය ශක්තිමත් කිරීමට අමතර රැකියා අවස්ථා සහ අමතර ආදායම් මාර්ගයක් ගොඩ නැගීම. ග්‍රාමීය වශයෙන් නව රැකියා අවස්ථා බිහි කිරීම.

දරුවන්ගේ අධ්‍යාපනයට සවිය

Naturista ප්‍රාණ සත්කාරය වැඩසටහන යටතේ ගොවි පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වීම.

පරිසර දැනුවත් කිරීම

නිරන්තර දැනුවත් කිරීම් තුළින් ගොවි සමාජය අතින් පරිසරයට සිදුවන හානිය අවම කිරීමට සහ පරිසරයේ ඇති ශාක සහ පැළෑටි වර්ග ආරක්ෂා කර ගැනීමට ඔවුන් පෙළඹවීම.

අපගේ දායකත්වයන්

අපගේ සමාගම් දායකත්ව

Naturista හුදෙක් සන්නාමයක් නොවන අතර සමස්ත රටේ ජීවත් වන ප්‍රජාවාගේම ආර්ථිකයට, සෞඛ්‍යට සහ අනෙකුත් සියලු අංශයන්ට ශක්තියක් වන සමස්ත සමාජීය ක්‍රියාවලියක් වේ. "Naturista ප්‍රාණ සත්කාර" වැඩසටහන යටතේ අධ්‍යාපනය, ග්‍රාමීය ආර්ථිකය, සෞඛ්‍ය සහ රටක් වශයෙන් සිදුවන ආපදාවකදී ආයතනයක් වශයෙන් රටේ සමස්ත ප්‍රජාවගේම සුභ සිද්ධිය උදෙසා සිදු කළ සමාජ සේවා වැඩසටහන් වලින් කොටසක්.

අධ්‍යාපනයට සවියක්
Mar 2024

අධ්‍යාපනයට සවියක්

"Naturista ප්‍රාණ සත්කාර" වැඩසටහන යටතේ රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වෙමින් 2024 මාර්තු මාසයේ ඇරැව්වල ග්‍රාම සේවා වසමේ දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා දීම.

ඇරැව්වල ග්‍රාම සේවා වසම
අධ්‍යාපන උපකරණ බෙදා දෙන ලදී
අධ්‍යාපනයට සවියක්
Dec 2025

අධ්‍යාපනයට සවියක්

"Naturista ප්‍රාණ සත්කාර" වැඩසටහන යටතේ රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වෙමින් 2025 දෙසැම්බර් මාසයේ පුත්තලම පහළ පුලියන්කුලම කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා දීම.

පුත්තලම
පහළ පුලියන්කුලම කනිෂ්ඨ විද්‍යාලය
ආපදාවට එරෙහිව එක්ව නැගිටිමු
Nov 2025

ආපදාවට එරෙහිව එක්ව නැගිටිමු

2025 නොවැම්බර් මාසයේ අගභාගයේදී රටට බලපෑ අහිතකර ගංවතුර සහ කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් වූ කඩුවෙල ප්‍රදේශයේ අපගේම සහෝදර ජනතාව වෙනුවෙන් "Naturista ප්‍රාණ සත්කාර" වැඩසටහන යටතේ පිසූ ආහාර සහ වියළි සළකා බෙදා දීම.

කඩුවෙල
ගංවතුර සහ කුණාටු ආපදා සහන
ප්‍රජා සවිබල ගැන්වීම

සවිබල ගැන්වීමේ වැඩසටහන්

"Naturista ප්‍රාණ සත්කාර" වැඩසටහන යටතේ පුද්ගලයන් හෝ කණ්ඩායම් සඳහා තමන්ගේ ජීවිතය වඩා හොඳ කරගැනීමට, ස්වාධීන වීමට සහ තීරණ ගන්නට හැකිවීමට උදව්ක් ලෙස විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ආර්ථිකයට සවියක් වීම

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ස්වයං රැකියා වශයෙන් නිෂ්පාදනය කරන අත්කම් නිෂ්පාදන සඳහා දේශීය සහ විදේශීය වශයෙන් වෙළඳපොලක් නිර්මාණය කිරීමට අවස්ථා සලසා දීම. ඔවුන්ගේ නිෂ්පාදන අපගේ වෙබ් අඩවිය තුළ කිසිම ගාස්තුවකින් තොරව අලෙවි කිරීමට අවස්ථා ලබා දීම සහ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම් සිදු කිරීම. වෙබ් අඩවියේ ඇති දුරකථන අංකට ඇමතුමක් ලබා දී වැඩි විස්තර ලබා ගත හැකිය.

කාන්තා ගෘහස්ත ආර්ථිකය ශක්තිමත් කිරීම

ආදායම් මාර්ගයක් නොමැති ගෘහනියන්ට අවට පරිසරයෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍ය එකතු කොට ආයතනයට ලබා දිය හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ගෘහස්තව වගා කර ලබා දිය හැකි අමුද්‍රව්‍ය සඳහා බිජ, වගා උපකරණ සහ තාක්ෂණික දැනුම ලබා දීම. ග්‍රාමීය දිළිඳු බව මගහැරීම සහ ජාතික නිෂ්පාදනයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ප්‍රධාන අරමුණ වේ.

ගොවි තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම

කෘෂිකර්මය පිළිබඳ විශේෂ උපාධියක් ඇති නිලධාරීන් විසින් ගොවිතැනට අවශ්‍ය නව තාක්ෂණික ක්‍රම සහ සිදු විය හැකි වගා හානි අවම කර ගත හැකි ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. රසායනික පොහොර සහ රසායනික වර්ග භාවිතය අවම කරමින් ගොවිතැන් කටයුතු සිදු කිරීමට ඔවුන් දිරිමත් කිරීම. වගාවකින් තොරව ලබා ගන්නා ශාක සහ පැළෑටි ශාක පද්ධතිය විනාශ නොවී ලබා ගත යුතු ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම.

Naturista ප්‍රාණ සත්කාර වැඩසටහන

නොමිලේ උපදේශන සේවා

මෙම සේවාව "Naturista ප්‍රාණ සත්කාර" වැඩසටහන යටතේ නොමිලේ ලබා දෙනු ලබයි.

මෙම සේවාව මගින් මාර්ගගත ක්‍රම ඔස්සේ පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් සඳහා කාල සීමාවකින් සහ සීමිත වාර ගණනකින් තොරව නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මුළු මහත් ලෝක ප්‍රජාවටම අවස්ථාව සලසා ඇත. Naturista ආයතනයේ පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිරන්තර දැනුවත් කිරීම් සහ මගපෙන්වීම් තුළින් ලෙඩ රෝග අවම නිරෝගිමත් සහ යහපත් ජීවන පුරුදු ඇති සමාජයක් බිහි කිරීම සඳහා කැපවී සිටින්නෙමු.

WhatsApp සහාය

දින - සතියේ දින  |  වේලාව - උදේ 10.00 හවස 4.00

"ප්‍රාණ සත්කාර" WhatsApp සමූහයට සම්බන්ධ වන ඔබට පහත සේවාවල් නොමිලේ ලබා ගත හැකිය.

අමතර වියදමකින් තොරව ගෙදර සිටම ඔබගේ සියලුම සෞඛ්‍ය ගැටළු සඳහා පිළිතුරු ලබා ගැනීමේ හැකියාව
අපගේ නිෂ්පාදන මිලදී ගෙන හෝ නොගෙන ඕනෑම රෝගයකට Naturista වෛද්‍යතුමියගෙන් නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව
මුදල් ගෙවා වෛද්‍යවරයෙකු වෙන් කරගැනීමකින් තොරව පරීක්ෂණයට අදාල තුණ්ඩුව නොමිලේ ලියවා ගැනීමේ හැකියාව
රසායනාගරයකින් ලබා ගත් වාර්තාවක් නොමිලේ බලවා ගැනීමේ සහ ඉදිරි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව
රෝගය සුව වන තෙක් Naturista වෛද්‍යතුමියගේ පූර්ණ අධීක්ෂණය සමග ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව
වර්තමානය බහුල ලෙස ඇති කාලීන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් නැරඹීමේ හැකියාව
හොඳ සෞඛ්‍ය පුරුදු සහ නිරෝගී ජීවිතයකට අදාල උපදෙස් ඔබට සහ ඔබගේ දරුවාගේ අධ්‍යාපනයට ලබා ගැනීමේ හැකියාව
Zoom වීඩියෝ උපදේශනය

දින - සතියේ දින  |  වේලාව - උදේ 10.00 හවස 4.00

ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා. ආයතනයේ වෛද්‍යවරයෙකු කලින් දැනුවත් කොට ලබා දෙන වේලාවකදී (සතියේ දිනවල උදේ 10.00 – හවස 4.00) Zoom සාකච්ඡාවකදී විනාඩි 30ක් ඔබගේ සෞඛ්‍ය ගැටළු සාකච්ඡා කළ හැකිය.

අමතර වියදමකින් තොරව ගෙදර සිටම ඔබගේ සියලුම සෞඛ්‍ය ගැටළු සඳහා පිළිතුරු ලබා ගැනීමේ හැකියාව
අපගේ නිෂ්පාදන මිලදී ගත් හෝ නොගත් ඕනෑම රෝගයකට Naturista වෛද්‍යතුමියගෙන් නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව
Zoom තාක්ෂණය වීඩියෝ ඔස්සේ ඔබගේ රෝග වෛද්‍යවරයාට පෙන්වීමේ හැකියාව
මුදල් ගෙවා වෛද්‍යවරයෙකු වෙන් කරගැනීමකින් තොරව පරීක්ෂණයට අදාල තුණ්ඩුව නොමිලේ ලියවා ගැනීමේ හැකියාව
රසායනාගරයකින් ලබා ගත් වාර්තාවක් නොමිලේ බලවා ගැනීමේ සහ ඉදිරි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව
රෝගය සුව වන තෙක් Naturista වෛද්‍යතුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව
YouTube ඉගෙනුම් සම්පත්

වීඩියෝ · ලිපි · Podcast

"Naturista ප්‍රාණ සත්කාරය වැඩසටහන" යටතේ Naturista ආයතනයේ පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිරන්තරයෙන් වීඩියෝ, ලිපි සහ Podcast Video හරහා සමාජයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළු පිළිබඳ සිදු කරන දැනුවත් කිරීම් Naturista Ceylon YouTube නාලිකාව තුළින් නැරඹිය හැකිය.

ලෙඩ වීමට පෙර ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට මග පෙන්වීම
යහපත් ජීවන පුරුදු ඇති සමාජයක් බිහි කිරීම
ලෙඩ රෝග සුව කරගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීම
Home Search Wishlist Cart
🇬🇧 EN